ඔබේ ඩයට් ප්ලෑන් එක අසාර්ථක වෙලාද? එසේ නම් මේ කරුණු ගැන දැනුවත් වන්න.

Recent Posts

Treadmill Vs. Traffic: Why running at home is better than stressing in Colombo’s jams 

April 25, 2025

Netflix & Cardio: How to make your treadmill workouts fun and engaging

April 25, 2025

Your future self will thank you: How one small treadmill habit can change your life 

April 25, 2025

How to get a full-body workout in just 15 minutes a day

April 22, 2025

“කොච්චර ඩයට් කළත් වැඩක් නැහැ, මම දැන් හිටියාටත් වඩා මහතයි” ඔබේ ඩයට් කිරීමත් මේ විදිහට අසාර්ථක වෙලාද? හැම දෙයක්ම හරියට කළත් ඔබේ ඩයට් කිරීම අසාර්ථක වූයේ ඇයි? ඔබ කොතරම් හොඳ ඩයට් ප්ලෑන් එකක් භාවිතා කළත් සිරුර තුළ නිවැරදි ශක්ති දහන අනුපාතය (right energy balance) පවත්වාගෙන යාමට ඔබ අසමත් නම් ඔබේ ඩයට් කිරීමත් අසාර්ථක විය හැකියි. වෙන විදිහකට කියනවා නම්, ඔබේ සිරුර තුල දෛනිකව දහනය කරන කැලරි ප්‍රමාණය ඔබ දෛනිකව ආහාර පාන මගින් ලබාගන්නා කැලරි ප්‍රමාණයට සමාන විය යුතුයි.

සිරුර තුළ නිවැරදි ශක්ති දහන අනුපාතය (right energy balance) පවත්වා ගැනීම අසාර්ථක විය හැකි කරුණු ගැන දැනුවත් වන්න. එමගින් ඔබේ ඩයට් ප්ලෑන් එක සාර්ථක කරගෙන ශාරීරික බර අඩුකර ගැනීමට හැකි වෙයි.

කුසගින්න:- ඔබ ආහාර ගන්නේ කුසගින්න දැනෙන නිසයි. ඒත් ඔබට නිතරම කුසගින්න දැනෙනවා නම් ඔබ නිතරම ආහාර ගැනීමට හෝ එකවර විශාල ආහාර වේලක් ගැනීමට පෙළඹිය හැකියි. යළි යළිත් කුසගින්න ඇති වීම වළක්වා ගැනීමට ඔබේ ආහාර වේලට වැඩිපුර කෙඳි සහිත දේ හෝ ප්‍රෝටීන එකතු කර ගන්න.

එකාකාරීබව හා උනන්දුවක් නැතිකම (boredom):- අප කුසගින්නක් නැති වුවත් ආහාර ගැනීමට පෙළෙඹෙන ප්‍රධාන හේතුව එකාකාරීබව හා උනන්දුවක් නැතිකම බව හඳුනාගෙන තිබෙනවා. මේ අන්දමට නොදැනුවත්වම ආහාර ගැනීම (mindless eating) වැළැක්වීමට, ඒකාකාරීබව හා උනන්දුවක් නැතිකම දැනෙන විට මිතුරකුට කතා කරන්න, නැතිනම් ඇවිදීමට යන්න. නිවසින් කෙටි කෑම (short eats) වර්ග ඉවත් කරන්න.

ආතතිය (stress):- අප නිතරම ආහාර ගැනීමෙන් ආතතිය කළමනාකරණය කර ගැනීමට උත්සාහ කරනවා. ආහාර අපේ සිතට තෘප්තිය, සහනය හා සතුට ලබා දෙන බව සත්‍යක් නමුත් ඒ වගේම එමඟින් සිරුරට එක්වන කැලරි ප්‍රමාණයද වැඩි වේ. ඔබට ආතතිය තිබේ නම්, එය කළමනාකරණය කර ගැනීම සඳහා සුදුසු වෛද්‍යවරයකු හෝ මනෝ විද්‍යාඥවරයකු හමුවන්න.

ශාරීරික හේතු (physical factors):- තයිරොයිඩ් ග්‍රන්ථියේ සංකූලතා, වයස හා ජානමය හේතු නිසාත් ඔබේ සිරුර තුල ශක්තිය දහනය වීමේ ක්‍රියාවලියට (metabolism) බලපෑම් කළ හැකියි.

ශරීර සැකැස්ම (body composition):- ඔබේ ශරීරයේ මාංශ පේශීන් ප්‍රමාණයෙන් විශාල නම්, ඔබ දහනය කරන කැලරි ප්‍රමාණය ද වැඩියි. පේශීන් වර්ධනය කරන ව්‍යායාම් වැඩසටහන් (strength training workouts) මගින් හා වැඩිපුර ප්‍රෝටීන ආහාරයට එක් කරගෙන ඔබේ සිරුරේ මාංශ පේශීන් විශාල කරගන්න.

ඔබේ රැකියාව:- ඔබ කාර්යාලයක මේසයක් අසල හිඳ රැකියාවක් කරන අයෙකු නම්, ඔබේ දෛනික කැලරි දහනය අඩු වීමට එය බලපායි. ශරීරික බර අඩුකර ගැනීමට රැකියාව වෙනස් කිරීම කළ නොහැකි නිසා, රැකියාව කරන අතරතුර කැලරි දහනය වැඩි කරගැනීමට කළ හැකි දේ කරන්න. උදා:- විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ පාවිච්චි කරන්න, දුරකථනයෙන් කතා කරන විට සිටගෙන කතා කරන්න.

අධි පරිභෝජනයට පෙළඹීම (exercise-induced binge eating):- ඩයට් කරන අය අතින් බහුලව සිදුවන වැරැද්දක් නම්, “මම ව්‍යායාම් කරන නිසා හොඳට කන්න ඕනේ” සිතමින් නොදැනුවත්වම අධි පරිභෝජනයට පෙළඹීමයි. කොතරම් වෙහෙසවී ව්‍යායාම් කලත් ඔබ ආහාර ගත යුත්තේ ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට මිස හිතට ඇතිවන තුරු නොවේ.

ආහාර තෝරාගැනීම (food Choices):- ඩයට් කරන අය අතින් සිදුවන තවත් වැරැද්දක් නම් හිතකර ආහාර (healthy Food) වැඩිපුර ගැනීමයි. උදා:- අලිගැටපේර වල හිතකර මේදය (healthy Fat) අඩංගු වුවත් එහි ඇති කැලරි ප්‍රමාණයද වැඩියි. එවැනි දෑ ආහාරයට ගැනීමේදී අඩංගු කැලරි ප්‍රමාණය ගැන සැලකිළිමත් වන්න.

ව්‍යායාම් නොකරන අවස්ථාවල ශාරීරික ක්‍රියාකාරකම් (non-exercise activity level):- ඔබ ව්‍යායාම් නොකරන අවස්ථාවල නිතරම අසුනක් මත හිඳගෙන රූපවාහිනිය නරඹමින්, පාඩම් කරමින් නැතිනම් ඇදේ දිගාවී සාමාජ මාධ්‍ය භාවිතා කරමින් හෝ දුරකථන භාවිතා කරමින් සිටින්නේ නම්, ඔබේ ඩයට් ප්ලෑන් එක අසාර්ථක වීමට එයද හේතුවක් විය හැකිය. ව්‍යායාම් නොකරන අවස්ථාවල හැකි තරම් ක්‍රියාශීලි ව සිට, අඩු තරමින් දෛනිකව කැලරි 2000 ක් වත් දහනය කිරීමට උත්සාහ කරන්න.

Source:- https://www.verywellfit.com/reasons-your-diet-fails-3495385

 

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines