Showing results for

කුසගින්න නැතත් අප නිතරම ආහාර අනුභව කිරීමට පෙළඹෙන්නේ ඇයි?

Recent Posts

Fitness trends for 2026: What Sri Lankan home fitness enthusiasts should know

December 1, 2025

Top 5 home fitness accessories to gift this Christmas in Sri Lanka

December 1, 2025

Why a treadmill makes the ideal new year investment for your health

December 1, 2025

New year, new you: setting smart fitness goals with a home gym in 2026

December 1, 2025

ආතතිය (stress)

 

 

දිගු කාලීන ආතතිය(long Term stress) ඔබේ සිරුර තුළ කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහළ නංවයි. කෝටිසෝල් යනු  අප බියට පත් වූ විට පලායාමට හෝ සටන් කිරීමට (fight or flight) දායක වන හෝමෝන වලින් එකකි. ආතතිමය සිදු වීමකට මුහුණ දුන් පසුව අපේ ශරීරයට නැවත ශක්තිය ලබාදීම සඳහා, කෝටිසෝල් හෝමෝනය මගින් අපට ආහාර ගැනීමේ අවශ්යතාවක් ඇති කරයි. මානසික ආතතිය ඔබට නිරන්තරයෙන් පවතින තත්වයක් නම්,ඔබේ සිරුර තුළ ඇති ඉහළ කෝටිසෝල් මට්ටම නිසා ඔබ නිතර යමක් ආහාරයට ගැනීමට හෝ පානය කිරීමට පෙළඹේ. (උදාහරණ: – තේ, කෝපි, බෝතල් කල බීම වර්ග, චොකලට්, බිස්කට්, රට කජු, කඩල, වඩේ, මුරුක්කු, රෝල්ස් වැනි කෙටි ආහාර වර්ග

 

වෙහෙස (Fatigue)

 

ඔබට ප්‍රමාණවත් විවේකයක් නොලැබෙන විට, ඔබේ ග්‍රෙලින් (ghrelin) මට්ටම (අපට ආහාර ගැනීමේ අවශ්යතාවය ඇති කරවන හෝමෝනයක්) ඉහළ යයි. මේ අතර, ඔබේ ලෙප්ටින් (leptin) මට්ටම (කුසගින්න සහ ආහාර ගැනීමේ ආශාව අඩු කරවන හෝමෝනයක්) පහත වැටේ. මෙම හෝමෝන දෙක සාගින්න පිළිබඳ හැඟීම් පාලනය කරයි. වෙහෙස නිසා අපේ ශරීරයට ආහාර අවශ්‍ය නොවුනත් අපට කුසගිනි දැනේ. 

 

ආවේගශීලිබව හා පහසුවෙන් කැළඹීම (impurity)

 

නොරිස්සීම් සහගත බව පහ කර ගැනීම සඳහා යමක් අනුභව කිරීම පහසු උපක්රමයකි. එමගින් නොරිස්සීම් සහගත බවින් ගැලවීම සහ ඔබේ අවධානය වෙනතක යොමු වීම සිදු වෙයි. නැතහොත් ඔබ ආතතිය පාලනය කර ගැනීම සඳහා ආහාර නොගෙන සිටීමට පුළුවනි. මෙමඟින් ඔබේ ශාරීරික ක්රියාකාරිත්වයේ අඩු වීමක් සිදු වන අතර අපේ සිරුර එය ආහාර හිඟයක් (starving) යයි වරදවා වටහා ගනී. පසුව ඔබ අහාර ගන්නා විට අධිකව ආහාර ගැනීමට ඉඩ ඇත.    

 

කාංසාව (Anxiety)

 

කාංසාව සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා අතර ශක්තිමත් සහසම්බන්ධතාවයක් ඇත. අධික ලෙස ආහාර ගැනීම කනස්සල්ල හා ආතතිය පාලනය කිරීමට උපකාරී වේ. ජානමය හේතූන්, මානසික අවපීඩනය (depression) සහ මනෝභාවයේ ආබාධවල (mood disorders) සිට චිත්තවේගී කම්පනය (trauma), ඇබ්බැහිවීම (addiction), මත්ද්‍රව්‍ය හෝ ඖෂධ අනිසි භාවිතය (substance abuse) වැනි දේ නිසා හැඟීම් කළමනාකරණය කිරීමේ මාර්ගයක් ලෙස, අප පමණ ඉක්මවා ආහාර ගැනීම  සිදු විය හැකිය.  

 

මිතුරන්ගේ බලපෑම් (peer pressure)

 

චිත්තවේගීඅධික ආහාර අනුභවය සෑමවිටම අපේ මානසික මට්ටම පහළ වැටීම නිසාම සිදු නොවේ. උත්සව අවස්ථාවකදී, සාදයකදී, මිතුරු හමුවක හෝ විනෝද චාරිකාවක් වැනි අවස්ථාවක කුසගින්න නොදැනුනත්, යුතුකමක් වශයෙන් හෝ සමූහය හා එක් ක්රියා කිරීමට සිදුවීම නිසා අප ආහාර ගැනීමට පෙළඹිය හැකිය.

 

මත්පැන් (alcohol)

 

මත්පැන් වල බලපෑම නිසා අප අනිසි ලෙස ආහාර ගැනීමෙන් වැළැක්වීම මෙන්ම, ආහාර ගත යුතු අවස්ථාව හා ප්රාමාණය පිළිබඳව විනිශ්චය කර ගැනීමද අපහසු විය හැකිය. මත්පැන් නිසා ඔබ සෞඛ්යාරක්ෂිත නොවන සීනි හා මේදය අධික ආහාර ගැනීමට පෙළඹිය හැකිය. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මත්පැන් පානය ඔබගේ මොළයේ ස්වයං පාලනය පිළිබඳ කොටස බලපාන අතර රසවත් ආහාරයකට  එරෙහි වීම වඩාත් අපහසු කරයි.

 

ආහාර වල පින්තූර හෝ දර්ශන 

 

සමහරවිට වෙළඳ දැන්වීම්වල තිබෙන ආහාරවල පින්තූර හෝ ආහාර ඉතා ආශාවෙන් අනුභව කරන රූපවාහිනි දර්ශන වල අරමුණ ඔබව එම ආහාර මිලදී ගැනීමට පෙළඹවීම විය හැකිය. එහෙත් අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ එහි ඇති ආහාර සමඟ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමෙන් පසු, අප අසළ හෝ නිවසේ ඇති ඕනෑම ආහාරයක් අනුභව කිරීමට පෙළඹෙන බවයි.

 

අවධානයෙන් තොරව ආහාර ගැනීමේ අනතුර 

 

 

කුසගිනි නැති විට ආහාර ගැනීම ශරීර බර වැඩිවීම සහ රුධිරයේ සීනි වැනි සෞඛ්‍ය ගැටළු වලට හේතු විය හැක. අප එසේ ආහාර ගැනීමට පෙළඹීම වැනි  හේතු හා එහි ප්රතිවිපාක අවබෝධ කර ගනිමින් එම වැරදි ආහාර රටාව නිවැරැදි කර ගන්නා තෙක් අප එම අහිතකර චක්රයේ සිරවී සිටීම වැළැක්වීමට නොහැක

 

ඔබට ආහාර ගැනීමට අවශ්‍යද?

 

සැබෑ කුසගින්න අපට සෙමෙන් දැනෙන අතර එය කල් දැමීම පහසුය. ඔබට බොහෝ විකල්ප වලින් කුසගින්න නිවාගත හැකිය. එහෙත් චිත්තවේගීය හෝ සිහියෙන් තොර ආහාර ගැනීම (mindless eating) ඉක්මනින් පැමිණෙන අතර අපව සීනි හෝ මේදය අධික විශේෂිත ආහාර වලට (junk food) පොළඹවයි. එමෙන්ම ආහාර නිවසේ හෝ අප අසළ තිබෙන විට බව අපේ සිත දන්නා නිසා හෝ ආහාර අපට පෙනෙන නිසා අප කුසගින්නක් නොමැතිව වුවද ආහාර ගැනීමට පෙළඹන අතර අනතුරුව අපේ සිත තුළ පිළිබඳව වරදකාරී හැගීමක් ඇති කරවයි.  

 

අවශ්‍යතාවකින් තොරව ආහාර ගැනීම නතර කරන්නේ කෙසේද?

 

මෙම ප්රශ්නයට විසඳුමක් වශයෙන් අපට භාවනාව හෝ ව්යයාම් යොදාගත හැකිය. සිහියෙන් යුතුව ආහාර අනුභව (mindful eating) කරන්න. කෙටි කෑම වර්ග (junk food) නිවසින් ඉවත් කරන්න. කුසගින්න දැනෙන විට පමණක් ආහාර ගන්න.

 

මූලාශ්‍රය: – https://www.webmd.com/diet/obesity/ss/slideshow-why-eat-when-not-hungry

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines