Showing results for

නිල් ආලෝකයේ අඳුරු පැත්තක් ඇත

Recent Posts

indoor-cycling
The Ultimate Guide to Exercise Bikes: Why Indoor Cycling Is Taking Over Home Fitness

August 4, 2025

spin bike benefits
Is a Spin Bike a Good Investment? Let’s Break Down the ROI

August 4, 2025

best spin bike in sri lanka
Best Spin Bike Sri Lanka: The Ultimate Home Workout Solution with the Quantum SB-200

August 4, 2025

Best Workout for Hourglass Figure: Sculpt Your Curves Naturally

August 4, 2025

ඉලෙක්ට්‍රොනික සහ බලශක්ති පිරිමැසුම් විදුලි බල්බ මගින් නිකුත් කරනු ලබන නිල් පැහැති ආලෝකයට රාත්‍රී කාලයේදි නිරාවරණය වීම ඔබගේ සෞඛ්‍යයකට අහිතකර විය හැක.
කෘත්‍රිම ආලෝකය සොයා ගන්නාතුරු හිරු එලිය ප්‍රාථමික ආලෝක ප්‍රභවය වූ අතර මිනිසුන් රාත්‍රිය අඳුරෙහි ගත කලේය. අද ලෝකයේ බොහෝ ප්‍රදේශ රාත්‍රී කාලයේදී හොඳින් ආලෝකමත් වී ඇති අතර ආලෝක ප්‍රභවයන් පහසුවෙන් ලබාගත හැකිය.
නමුත් රාත්‍රී කාලයේදී ආලෝකයට නිරාවරණය වීමට අප නොසිතන මිලක් ගෙවීමට සිදුවිය හැකිය. කෘත්‍රිම ආලෝකය රාත්‍රියේදී ශරීරයේ ජෛව ඔරලොසුවෙ රිද්මය ව්‍යාකූල කර නින්දට බාධා කරයි. බරපතළ කරුණ වන්නේ ජෛව ඔරලෝසුවෙ රිද්මය ව්‍යාකූල වීම පිලිකා දියවැඩියා හෘද රෝග හා තරබාරුකමට හේතු වියහැකි බවට පර්යේෂණවලින් සොයාගෙන තිබිමයි.

එහෙත් කෘත්‍රිම ආලෝකයේ සියලුම වර්ණ අහිතකර නොවේ. ආලෝකයේ නිල් පැහැති තරංග ආයාමයන් දිවා කාලයේදී ප්‍රතික්‍රියා කාලය වැඩි කිරීමට හා මනෝභාවය උත්තේජනය කිරීමට උපකාරී වියහැකි වුවත් රාත්‍රියේදී වඩාත් බාධාකාරී හා අහිතකර වේ. හිරු බැස ගිය පසු එලිය විහිදුවන ආලෝක තිර හා බලශක්ති පිරිමැසුම් විදුලි බල්බ අපව නිල් පැහැති ආලෝක ධාරාවන්ට නිරාවරණය විම වැඩි කරයි.
දිවා රාත්‍රී රිද්මයට ආලෝකය බලපෑම් කරයි

අප සියලුදෙනාගේම සිරුරෙහි එකිනෙකට මඳ වශයෙන් වෙනස් දිවා රාත්‍රී රිද්මයක් ඇති නමුත් එය දල වශයෙන් පැය විසිහතරයි කාලක් වෙයි. රාත්‍රියේ වැඩියෙන් අවදිව සිටින අයගේ දිවාරාත්‍රී රිද්මය මඳ වශයෙන් දිගුවන අතර කුරුල්ලන්ගේ එය පැය විසිහතරට වඩා මඳක් අඩු අගයක් ගනී. හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය චාල්ස් සැස්ලර් 1981 දී පෙන්වා දුන් පරිදි දිවා ආලෝකය ශරීරයේ ජෛව ඔරලෝසුවෙ රිද්මය පරිසරය සමග සමගාමීව පවත්වා ගනී.

කෘත්‍රිම ආලෝකයේ සෞඛ්‍යය අවදානම

රාත්‍රී සේවාමුරයේ දී කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම සහ විවිධ වර්ගයේ පිලිකා දියවැඩියාව හෘද රෝග සහ තරබාරු වීම ඇතිවීම අතර සහසම්බන්ධයක් ඇති බව පර්යේෂණවලින් වඩ වඩා ත් තහවුරු කර ඇත. කෘත්‍රිම ආලෝකය අපට අහිතකර වන්නේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් සොයාගෙන නැති නමුත් දිවා රාත්‍රී රිද්මයට බලපාන මෙලටෝනින් හෝමෝනය මොලයහි නිපදවීමට කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම මගින් බාධා පමුණුවන බව අපි දනිමු. එමෙන්ම තවමත් මූලික මට්ටමේ තිබෙන පර්යේෂණවලින් තහවුරු වන පරිදි අඩු මෙලටෝනින් හෝමෝන මට්ටම පිලිකාවල හේතුවිය හැකිය.

එමෙන්ම එය දියවැඩියාව සහ තරබාරු වීමටද හේතු විය හැකි බව හාවඩ් පර්යේෂණවලින් පෙන්වා දී ඇත. එහිදී පුද්ගලයන් දස දෙනෙකු තෝරාගෙන ඔවුන්ගේ දිවා රාත්‍රී රිද්මය ක්‍රමක් ක්‍රමයයෙන්
වෙනස්වන කාල සටහනකට යොමුකර ඇත. එහිදී එම පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවී ඔවුන් පුර්ව දියවැඩියා තත්ත්වයට ලංවීමට හේතු වියහැකි පරිදි ලෙප්ටින් නම් ආහාර ගැනීමේදී කුස පිරී ඇති බව දැනෙන හෝමෝන මට්ටම අඩු වි ඇතිබව තහවුරු වී ඇත.

අඩු කෘත්‍රිම ආලෝක මට්ටම් වලදී පවා එය දිවා රාත්‍රී රිද්මයට හා මෙලටෝනින් හෝමෝනය මොලයෙහි නිපදවීම කෙරෙහි බලපෑම් ඇතිකරන බව ස්ටෙපාන් ලොක්ලි නම් හාවඩ් නින්ද පර්යේෂයකයා සඳහන් කර ඇත. කෘත්‍රිම ආලෝකය බොහෝ මිනිසුන්ට ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට බාධා කරන එක් ප්‍රධාන සාධකයක් බව ස්ටෙපාන් ලොක්ලි වැඩිදුරටත් පෙන්වා දෙයි.
අඩු නින්ද ආතතිය, දියවැඩියාව, හා හෘද වස්තුවෙ ගැටලු ඇතිවීමේ අවධානම වැඩි කිරිමට හේතු වන බව පර්යේෂයකයෝ පෙන්වා ඇත.

නිල් පැහැති කෘත්‍රිම ආලෝකයේ බලය

කෘත්‍රිම ආලෝකය මෙලටෝනින් නිපදවීම අවහිර කලත් නිල් පැහැති කෘත්‍රිම ආලෝකය වඩාත් විනාශකාරී වේ. හාවඩ් පර්යේෂණයකදී පැය 6 හා 5 කාලයක් නිල් පැහැ කෘත්‍රිම ආලෝකයට නිරාවරණය වීම සහ එම කාලයම කොල පැහැ ආලෝකයට නිරාවරණය වීම සසඳා බලන ලද අතර එහිදී අනාවරනය වී ඇත්තේ නිල් ආලෝකය කොල ආලෝකය මෙන් දෙගුනයක් මෙලටෝනින් නිපදවීම අඩු කරන අතර දිවා රාත්‍රී රිද්මය දෙගුනයක් වෙනස් කරන බවයි.

නිල් අලෝකය සම්බන්ධයෙන් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය කළ තවත් පර්යේෂණයකදී නිල් අලෝකය අවහිර කරන උපැස් පැලදි දීප්තිමත් ගෘහස්ත ආලෝකයට නිරාවරණය කළ පිරිසක් සහ එම උපැස් නොපැලදි අඩු දීප්තියක් සහිත ගෘහස්ත ආලෝකයට නිරාවරණය කළ පිරිසක් සන්සන්දනය කලේය. එහිදී නිල් අලෝකය මෙලටෝනින් හෝමෝනය නිපදවීම අවහිර කරන ප්‍රබල සාධකයක් බවට වන උපකල්පනය තහවුරු කරගන්නා ලදී. ඊට අමතරව රාත්‍රී සේවාමුර වල නිරත වන අය නිල් අලෝකය අවහිර කරන ලද උපැස් පලඳින්නේ නම් ඔවුන්ට සමහරවිට මෙලටෝනින් හෝමෝනය නිපදවීම අඩු විමෙන් ඇතිවන ප්‍රතිවිපාක වලින් ආරක්ෂා විය හැකි බව යෝජනා කලේය. මිල අඩු තැඹිලි පැහැය ආලේප කරන ලද අවු කන්නාඩි නිල් අලෝකය අවහිර කරන නමුදු ඒවා අනෙකුන් වර්ණද අවහිර කරන බැවින් රාත්‍රී කාලයේදී ගෘහස්ත පාවිච්චිය සඳහා සුදුසු නැත.

නිල් අලෝකය අඩු කරමු
බලශක්ති පිරිමැසුම් විදුල ආලෝක ප්‍රභවයන් සඳහා වන පර්යේෂණවලට ඒවා පරිසරයට අහිතකරය යන මතයට වඩා නිල් අලෝකය මිනිස් සෞඛ්‍යයට අහිතකර යැයි යන කරුණ ඉස්මතු වීම අවාසි වනු ඇත. වෘත්තාකාරව දඟර ගැසුණු බලශක්ති පිරිමැසුම් ප්‍රතිදීප්ත විදුලි පහන් සහ එල්. ඊ. ඩී. බල්බ අප කුඩා කාලයයේ නිවසේ තිබු තාපදීප්ත සාමාන්‍ය බල්බ වලට වඩා බලශක්ති
කාර්යක්ෂම වූවත් ඒවාද නිල් ආලෝකය නිකුත් කරයි.

ප්‍රතිදීප්ත විදුලි පහන් වල සැකැස්ම වෙනස් කළ නොහැකි වූවත් ඇතුලත ආලේපය වෙනස් කළ හැකිය. එවිට ඒවා අඩු උණුසුම් නිල් ආලෝකයක් නිකුත් කරයි. එල්. ඊ. ඩී. බල්බ ප්‍රතිදීප්ත විදුලි පහන් වලට වඩා කාර්යක්ෂම වුවත් ඒවාද සැලකියයුතු නිල් තරංග ආයාමයක් නිකුත් කරයි. විශ්ව විද්‍යාල ආලෝක ප්‍රභව පර්යේෂකයෙකු වන රිච්ඩ් හන්ස්ලර් ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය බල්බ බොහෝ ප්‍රතිදීප්ත විදුලි පහන් වලට වඩා අඩුවෙන් නිල් ආලෝකය නිකුත් කරයි.

ඔබට කල හැකි දේවල්

  •  රාත්‍රී කාලයේදී අඩ අඳුරු රතු පැහැති විදුලි බල්බ පාවිච්චි කරන්න. රතු ආලෝකයට ශරීරයේ ජෛව ඔරලෝසුවෙ රිද්මය ව්‍යාකූල කිරීමේ හා මොලයහි මෙලටෝනින් හෝමෝනය නිපදවීම බාධා කිරිමට අවම හැකියාවක් ඇත.
  • නින්දට පැය දෙකකට හෝ තුනකට කලින් එලිය විහිදුවන,ලැප්ටොප්, ජංගම දුරකතන හා රූපවාහිනී තිර දෙස බැලීමෙන් වලකින්න.
  • ඔබ රාත්‍රී සේවා මුරයක නිරත වන්නේනම් හෝ රාත්‍රී කාලයේදී ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතා කරන්නේ නම් නිල් ආලෝකය අවහිර කරන උපැස් යුවළක් භාවිතයට ගන්න. නැතිනම් නිල් ආලෝකයේ බලපෑම් අඩු කරන ඇප් එකක් ඉන්ස්ටෝල් කරගැනීමට උත්සාහ කරන්න. දහවල් කාලයේදී හැකි තරම් දීප්තිමත් ස්වභාවික ආලෝකයට නිරාවරණයවී සිටින්න. එවිට ඔබට රාත්‍රී යේදි හොඳින් නිදා ගැනීමට හැකිවනවා මෙන්ම දිවා කාලයයේදී සුපරීක්ෂාකාරීව සිටීමට හා යහපත් මනෝභාවයක් පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

 

Source –  https://www.health.harvard.edu/staying-healthy/blue-light-has-a-dark-side?utm_source=delivra&utm_medium=email&utm_campaign=GB20171018-Sleep&utm_id=668234&dlv-ga-memberid=11183546&mid=11183546&ml=668234

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines