Showing results for

අවුරුදු සමයේ ඔබේ හෘද සෞඛ්‍යය ගැන සැළකිලිමත් වන්න

Recent Posts

The 20-minute mum workout: No gym, no excuses, no guilt

May 8, 2026

Why every woman should start strength training, and why it won't make you bulky

May 8, 2026

The walking workout women are obsessing over in 2026 (and it takes 12 minutes)

May 8, 2026

How to stay fit when you work 7 to 7: A realistic guide for Sri Lankan professionals

April 6, 2026

තෙල්, පිටි, සීනි හා මත්පැන් පානය ඉහළ යන මේ සිංහල අවුරුදු කාලයේදී හෘදයාබාධ සහ හෘදරෝග සෑදීමට ඉවහල් වන හේතු වන සාධක බොහෝය. එම නිසා ඔබේ හෘද සෞඛ්‍යය ගැන සැළකිලිමත්වීම ඉතා වැදගත් වේ.

ආතතිය (stress):- අලුත් අවුරුද්දට ප්‍රමාණවත්ව අහාර පාන මිලදී ගත්තාද? වෙලාවට රසකැවිලි සාදා ගැනීමට පුළුවන් වෙයිද? පවුලේ අයට අලුත් ඇදුම් හා නෑදෑ හිතවතුන්ට තෑගිබෝග මිලට ගැනීමට, සාප්පු සවාරි යාමට කාලය ඇති වෙයිද? නොනගතයට පෙර ගෙදර දොර අළුත්වැඩියා කිරීම හා අස්පස් කිරීමට පුළුවන් වෙයිද? දෙමව්පියන්ගේ, නෑදෑයින්ගේ ගෙවල් වල යාමට කාලය ඇති වෙයිද? සේවා ස්ථානයෙන් වැඩිපුර නිවාඩු ලබාගැනීමට පුළුවන් වෙයිද?

 අවුරුදු කාලයේදී මේ ප්‍රශ්න වලට මුහුණ දීමට ඔබ කොතෙක් හොඳට සැලසුම් කළද, ඔබ වෙහෙසට, ආතතියට  හා අපේක්ෂාභංගත්වයට පත් කරවන අවස්ථා කොතෙකුත් උදාවනු ඇත. ඊට අමතරව ඔබ මූල්‍යමය ගැටළුවකට, දරු උපතකට හෝ පවුලේ අයෙකුගේ මරණයට මුහුණදී සිටී නම්, ඔබේ චිත්තවේගී හැඟීම් ඉහළ මට්ටම් කරා ළඟා විය හැකිය.

විසඳුම:- හොඳින් ගැඹුරු හුස්මක් ගන්න. ඔබ ආතතියට පත්විය හැකි ප්‍රශ්න වලට මුහුණ දීමට හොදින් සැළසුම් කර කාලය කළමනාකරණය කර ගන්න. අවශ්‍ය තරම් නිදා ගැනීම, උත්සවය කාලය තුළදී වුවද, ව්‍යායාම් කිරීම හා පෝෂ්‍යයදායී ආහාර ගැනීම කරන්න. ඔබට ආතතිය දරාගැනීමට නොහැකිනම් ඔබ මනෝ විද්‍යාඥවරයකු හෝ  වෛද්‍යවරයෙකු හමුවන්න.

2. අධික වෙහෙස:- කඩ සාප්පු ගානේ ඇවිදිමින්, ගෙදර දොර අළුත්වැඩියා කිරීම, අස්පස් කිරීම සහ ඒවා සැලසුම් කල පරිදි සිදු කිරීමට යෑමෙන් ඔබ අධික වෙහෙසට පත්විය හැකිය. එලිමහනේ වැඩ කිරීම, ඔබේ ශරීර සෞඛයට හොඳ වුවත්, වෙහෙස සහ අධික උෂ්ණත්වය සහිත කාලගුණයෙන් ඔබේ හදවතට අතිරේක පීඩනයක් එල්ල විය හැකිය.

විසඳුම:- පවුලේ අන් අය සමඟ වැඩ බෙදාගන්න. මිතුරන්ගේ උදව් ලබාගැනීමට පසුබටවන්න එපා. දරාගන්න බැරි තරම් වැඩ පටවාගන්න එපා. අනවශ්‍ය වැඩ, ගමන් බිමන් කපාහරින්න. එලිමහනේ වෙහෙස වී වැඩ කිරීමේදී හොදින් වතුර බොන්න. උණුසුම් කාළගුණයට ගැළපෙන සැහැල්ලු ඇඳුම් අඳින්න.

3. සෞඛ්‍යයට අහිතකර ආහාර වැඩිපුර ගැනීම:-  උත්සවය කාලයේදී සෑම දෙයක්ම රසකර බැලීමට සිතීමත්, රසවත් ආහාර වැඩිපුර තිබීමත් නිසා අප නොදැනුවත්වම වැඩිපුර ආහාර ගැනීම සිදුවනවා. ගැටලුව, කැවුම්, කොකිස්, අච්චාරු, ගැඹුරු තෙලේ බැදපු මාංශමය ආහාර වැනි කෑම වල අඩංගු සංතෘප්ත මේදය, අධික සීනි සහ ලුණු නිසා ඔබේ රුධිර පීඩනය, රුධිර සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමෙන් ඔබ දියවැඩියාවට හා හෘදයාබාධ වලට ලක් වීම සිදුවිය හැකි වීමයි. විනාකිරි, අබ හා ගම්මිරිස් අධිකව යෙදූ අච්චාරු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබේ ආමාශය තුවාල වී ගැස්ට්රයිටිස් රෝගයට ගොදුරු විය හැකිය.

විසඳුම:- ආහාර ගන්නා විට එහි අඩංගු සීනි සහ තෙල් ගැන සැළකිලිමත් වී ඒවා කුඩා ප්‍රමාණ වලින් ගන්න. අවුරුදු මේසයට වැඩිපුර එළවළු සහ පළතුරු එක් කර ගන්න, ජීරණය පහසු වීමට හොදින් සපා සෙමින් අනුභව කරන්න.

4. මත්පැන් පානය වැඩිවීම:- මත් පැන් ඔබේ හෘදයේ පේශීන් දුර්වල කර හෘදයට බලපෑමක් ඇති කරයි. වෛද්‍යවරුන් මෙම තත්ත්වය “නිවාඩු කාල හෘද සංකුලතාවය” (Holiday Heart Syndrome) නමින් හඳුන්වයි. අවිධිමත් සහ අක්‍රමවත් හෘද රිද්මය මෙහි මූලික ලක්ෂණයකි.

විසඳුම:- මත්පැන් පානය හැකි තරම් අවම කරගන්න. මත්පැන් නිතර දකින විට බීමට සිතේ ඇතිවන පෙළඹවීම වැඩිවන නිසා ඒවා නිවසේ තබා ගැනීමෙන් වළකින්න.

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines