Showing results for

ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයෙන් ඔබේ පවුලේ සාමාජිකයන් බේරාගැනීම සඳහා හැකි තරම් මඤ්ඤොක්කා වගා කරන්න

Recent Posts

How to stay fit when you work 7 to 7: A realistic guide for Sri Lankan professionals

April 6, 2026

The Avurudu Reset: Balancing Tradition with Your Fitness Goals

March 27, 2026

Smart Living in 2026: Why a Home Gym is Your Best Strategic Investment

March 27, 2026

New Year, New Rituals: Setting Up Your Home Gym for 2026

March 27, 2026

රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන යුද්ධය නිසා මේ වසරේදී ගෝලීය ආහාර අර්බුදයක් ඇති වන බවට (FOA) එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් අනතුරු අගවා ඇත. මෙම දෙරට ගෝලීය තිරිඟු අපනයනයෙන් දළ වශයෙන් සියයට 30කට හිමිකම් කියන අතර බඩ ඉරිඟු සහ බාර්ලි නිෂ්පාදනයෙන්ද විශාල ප්‍රමාණයක් මෙම රටවල් දෙකේම නිපදවයි. රුසියාව ලෝකයේ ඉහළම පොහොර අපනයනකරුවාද වේ. රුසියාවට පණවා ඇති ආර්ථික සම්බාධක නිසා එරට පොහොර නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් රුසියාවේ සහ බෙලාරුසියාවේ සිරවී ඇත.

තම ආහාර අවශ්‍යතා සඳහා යුක්‍රේනය සහ රුසියාව මත යැපෙන මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ රටවල් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තිරිඟු වෙනුවට සහල් යොදා ගැනීමට උත්සාහ දරනු ඇත. ඔවුන් ලෝක වෙළෙඳපොළේ තිබෙන සහල් තොග මිලදී ගැනීමට යොමු වන නිසා ඉදිරියේදි අප රටට මුදල් තිබුණත්, මිලදී ගැනීමට ලෝක වෙළෙඳ පොළේ සහල් තොග නොමැති විමට ඉඩ ඇත.

ඊට අමතරව අප ඩොලර් හිඟයකට මුහුණදී සිටින නිසා අපට ලෝක වෙළෙඳ පොළේ සහල් තොග තිබුණත් ඒවා  මිලදී ගැනීමට ඩොලර් නැත.

එමෙන්ම ජාත්‍යන්තර වාර්තා අනුව ඉදිරියේ ඇතිවන ආහාර අර්බුදයෙන් වඩාත්ම බැට කන ආසියානු රටවල් අතරට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයද ඇතුලත් වේ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව, සහල්, බඩ ඉරිඟු සහ තිරිඟු වලින් පසු සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර බෝගයක් ලෙස මඤ්ඤොක්කා සිව්වන ස්ථානයේ සිටී. ලොව පුරා මිලියන 800ක පමණ ජනතාවගේ ප්‍රධාන කාබෝහයිඩ්රේට් ප්‍රභවය වන්නේ මඤ්ඤොක්කායි. එහි කොළ වලද ප්‍රෝටීන් අඩංගු වන අතර , ඒවා ද ආහාරයට ගත හැකිය.

අක්කරයක් වගා කළ විට වැඩියෙන්ම අස්වනු ලබාගත හැකි, එමෙන්ම බත් වෙනුවට ආහාරයට හැකි බෝගය වන්නේ මඤ්ඤොක්කායි. ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට නම් අප විසින් වගාකල හැකි සෑම බිම් අගලක්ම වගා කළ යුතුය. ඔබේ ගෙවත්තේ ඉඩ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් මංඤොක්කා වගාව සඳහා වෙන් කරන්න. ඉතිරි තුනෙන් එක එළවලු වගාව සඳහා වෙන් කරන්න. මඤ්ඤොක්කා වලට නියඟය දරාගත හැකි අතර අඩු පෝෂක ධාරිතාවයක් සහිත පසෙහි වුවද වගා කළ හැකිය. පොල් වැනි වගාවක අතුරු භෝගයක් ලෙස ද වගා කළ හැකිය.

ඔබේ ගෙවත්තේ මඤ්ඤොක්කා දඬු කැබලි තිහක් සිටුවා ගත හැකි නම්, ඔබට මාසයේ දින තිහේදීම, දිනකට එක පඳුරක් බැගින් ගලවා ආහාරයට ගත හැකි අතර, එම පඳුරේ තිබෙන අල ඔබේ පවුලේ සාමාජිකයන්ට එක වේලක් සඳහා ප්‍රමාණවත් වෙයි. අවශ්‍ය නම් සියලුම පඳුරු එකවර ගලවා වෙළඳපොලේ විකුණා ගැනීමට වුවද පුළුවන.

 

මඤ්ඤොක්කා වල පෝෂණ තොරතුරු

මඤ්ඤොක්කා හොඳ පිෂ්ඨය සහිත ආහාර ප්‍රභවයකි. 

පිසින ලද මඤ්ඤොක්කා ග්‍රෑම් සීයක පහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙයි

කැලරි: 191

ප්‍රෝටීන: ග්‍රෑම් 1.5 

මේදය: ග්‍රෑම් 3 

කාබෝහයිඩ්රේට්: ග්‍රෑම් 40 යි

තන්තු: ග්‍රෑම් 2 

විටමින් C: (දෛනික  අවශ්‍යතාවයෙන්) 20% 

කොපර්: (දෛනික  අවශ්‍යතාවයෙන්) 12%

තයමින්: (දෛනික  අවශ්‍යතාවයෙන්) 7%

ෆෝලේට්: (දෛනික  අවශ්‍යතාවයෙන්)  6%

විටමින් B6: (දෛනික  අවශ්‍යතාවයෙන්) 6%

පොටෑසියම්: (දෛනික  අවශ්‍යතාවයෙන්) 6%

මැග්නීසියම්: (දෛනික  අවශ්‍යතාවයෙන්) 5%

නයසින්: (දෛනික අවශ්‍යතාවයෙන්) 5%

මඤ්ඤොක්කා වල විටමින් සී  බහුලව අඩංගු වන අතර විටමින් සී ප්‍රතිඔක්සිකාරයක් හැටියට ක්‍රියා කරයි.  කොලජන් නිෂ්පාදනයට ද උපකාරී වේ. එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද උපකාරී වේ. ඊට අමතරව, එය තඹ වලින් පොහොසත්වන අතර, ස්නායු සම්ප්‍රේෂක සංස්ලේෂණය, (neurotransmitter synthesis) සිරුර තුල ශක්තිය නිපදවීම (energy production), යකඩ පරිවෘත්තීය (iron metabolism) සහ තවත් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඛනිජයකි.

වගාකරන ආකාරය

  • MU-51 
  • කිරිකවඩි
  • CAR5 555
  • සුරනිමල
  • ස්වර්ණා
  • ශානි
  • HORDI-MU-1
  • HORDI 06

 

දඬු කැබලි ලබාගත හැකි ආකාරය

දඬු කැබලි ලබාගත හැකි ස්ථාන පිළිබඳව පළාතේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැකිය. වගා කළ හැකි ආකාරය පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. https://doa.gov.lk/hordi-crop-cassava/

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී ඇති “1920” කෙටි දුරකථන අංකය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂි ගැටළු සඳහා නොමිලයේ උපදෙස් ලබාගත හැකි දුරකථන සේවාවකි

 

මඤ්ඤොක්කා පිස ගන්නා ආකාරය

අල 

මඤ්ඤොක්කා ආහාරයට  ගතහැකි ක්‍රම ගනනාවක් තිබේ. ඔබට මඤ්ඤොක්කා තම්බා හෝ බැද ආහාරයට ගත හැකිය. පිසීමට පළමුව පිට පොත්ත ගලවා ඉවත් කර අලය හොදින් වතුරෙන් සෝදා හැරිය යුතුය. එවිට පොත්ත සහ අලය අතර තිබෙන සයනයිඩ් ඉවත්ව යයි. එමෙන්ම තම්බන විට භාජනය හොඳින් ඇර තබන්න

කොළ 

මඤ්ඤොක්කා කොළ මැල්ලුම ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය ආහාරයකි. වෙනත් ඕනෑම මැල්ලුම් වර්ගයක් සාදන ආකාරයට පොල් සමඟ මිශ්‍රකර මද ගින්නේ පිසගෙන ආහාරයට ගත හැකි අතර මඤ්ඤොක්කා කොල වලද පෝෂ පදාර්ථ බහුලව අඩංගු වන අතර අපිට අවශ්‍ය කරන තන්තු ද බහුලව තිබේ.

මීට අමතරව මඤ්ඤොක්කා කොළ සත්ව ආහාරයක් වශයෙන්ද භාවිතයට ගත හැකිය. 

මූලාශ්‍ර: https://www.healthline.com/nutrition/cassava#nutr

https://doa.gov.lk/hordi-crop-cassava/

Disclaimer: මෙම ලිපිය ව්‍යායාම්, යෝග්‍යතාවය, මානසික සෞඛ්‍ය හෝ පෝෂණය වැනි සෞඛ්‍යයට අදාළ තොරතුරු සපයන අතර හුදෙක් අධ්‍යාපනික තොරතුරු ඔබ වෙත ලබා දීම සඳහා පමණක් අරමුණු කෙරේ. DRTVproducts (Pvt) Ltd තරයේ නිර්දේශ කරන්නේ මෙම ව්‍යායාම් වැඩසටහන හෝ වෙනත් සෞඛ්‍ය වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසයි. (විශේෂයෙන්ම ඔබ ගැබ්ගෙන ඇත්නම් හෝ ඔබට දැනටමත් සෞඛ්‍ය ගැටළු තිබේ නම්).

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines