Showing results for

ඔබ වුවමනාවට වඩා සිතමින් කරදර වන අයෙක් ද? එසේනම් මෙන්න විසඳුම්

Recent Posts

How to stay fit when you work 7 to 7: A realistic guide for Sri Lankan professionals

April 6, 2026

The Avurudu Reset: Balancing Tradition with Your Fitness Goals

March 27, 2026

Smart Living in 2026: Why a Home Gym is Your Best Strategic Investment

March 27, 2026

New Year, New Rituals: Setting Up Your Home Gym for 2026

March 27, 2026

Overthinking යනු කුමක්ද? යම් යම් දේවල් ගැන ඕනෑවට වඩා සිතීමයි. සිතීම යනු හොඳ දෙයකි. එහෙත් ඕනෑවට වඩා සිතීම විෂාදය, කාංසාව, ආතතිය වැනි මානසික රෝගයකින් කෙළවර විය හැකිය. එකම දෙය නැවත නැවතත් සිතින් විශ්ලේෂණය කරමින්, විග්රහ කරමින් හෝ අදහස් දක්වමින් සිටීම විසඳුමකට යාමට බාධාවකි. එය ඔබගේ කාලයත්, ශක්තියත්, තීරණ ගැනීමේ හැකියාවත් විනාශ කරයි. වුවමනාවට වඩා සිතීමෙන් ඔබේ මානසික සෞඛ්ය පිරිහෙන අතර, එසේ මානසික සෞඛ්ය පිරිහුණු විට වුවමනාවට වඩා සිතීම වඩාත් වැඩිවීමට අමතරව, එය ඔබ නිමක් නැති අසහනකාරී සිතුවිලි චක්රයක සිර කරුවකු බවට පත් කරවයි.

ඔබ වුවමනාවට වඩා සිතන බවට ලකුණු 10ක් මෙන්න:

  • ඔබ අපහසුතාවට පත් වූ අවස්ථා ඔබට නැවත නැවතත් මතක්වීම.
  • ඔබ දිගින් දිගටම එකම දේ ගැන සිතීම නිසා රාත්රියේදී ඔබට නිදාගැනීමේ අපහසුතාවයක් තිබීම.
  • ඔබ ඔබගෙන්ම විවිධ දේවල් ගැන “ඒ දේ එහෙම වුනොත් කුමක් වෙයිද?” කියා තමන්ගෙන්ම ඇසීම.
  • ඔබ වෙනත් අය සමඟ කල සංවාද වලදී ඔබට කීමට බැරි වූ දේවල් ගැන සිත සිතා ලතවීම.
  • ඔබ වෙනත් අය සමඟ කල කතා බහේදී ඔවුන් කී වචන වල සැගැවුණු අර්ථ හෝ සිදූ දේ නැවත සිතින් මවාගෙන, ඒ ගැන දිගින් දිගටම සිතීම.
  • ඔබ නිතරම ඔබේ වැරදි හා අතපසුවීම් ගැන සිතමින් කණස්සල්ලට පත් වීම.
  • කවරෙකු හෝ ඔබ අකමැති දෙයක් පැවසූ විට හෝ කල විට, ඔබ එය නැවත නැවතත් මෙනෙහි කරමින් සිටීම.
  • සමහර විට ඔබ අවට සිදුවන දේ ගැන ඔබට වැටහීමක් නැත. මන්ද ඔබ අතීතයේ සිදු වූ දේවල් ගැන පසුතැවෙමින් හෝ අනාගතයේදී සිදුවිය හැකි දේවල් ගැන සිතමින් කරදර වෙමින් සිටීමයි.
  • ඔබට පාලනය කල නොහැකි දේවල් ගැන සිතමින් බොහෝ කාලයක් ගත කිරීම.
  • ඔබට අසහනකාරී හෝ කණස්සලු සහගත සිතිවිලි මනසින් ඉවත් කර ගැනීමට නොහැකි වීම.

ඔබට මේ ගැටළුව විසඳා ගැනීමට අවශ්ය කරන පියවර

• ඔබේ සිතිවිලි ගැන දැනුවත් වන්න:- පළමුවෙන්ම ඔබ වුවමනාවට වඩා සිතනවාද යන්න ගැන ඔබම දැනුවත් වන්න. ඔබ ඒ ගැන දැනුවත් වීම, එය නතර කර ගැනීමේ පළමු පියවරයි.

• එහෙම වුනොත් මොනවා වෙයිද කියා නිතරම සිතීමෙන් වළකින්න:- බොහෝ අවස්ථාවල වුවමනාවට වඩා සිතීම ආරම්භ වන්නේ අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන බිය වීමෙනි. ඔබට අනාගතය ගැන සැලසුමක් තිබීම හොඳ දෙයකි. එහෙත් කිසිදාක සිදු නොවූ දේවල් ගැන සිතමින් බිය වීම නිෂ්ඵල ක්රියාවකි.

• ඔබේ සිතිවිලි වෙනතක යොමු කරන්න:- ඔබ යමක් ගැන වුවමනාවට වඩා සිතනවා යයි ඔබට තේරුම් යන පළමු අවස්ථාවේදීම, වෙන දෙයක් ගැන සිතන්න. නැතිනම් ඔබට සතුට ගෙනදෙන දෙයක් කරන්න. උදා- භාවනා කිරීම, චිත්ර ඇදීම, සංගීතයට සවන් දීම, නැටීම, ඇවිදින්නට යාම, චිත්රපටයක් බැලීම, පරිගණක ක්රීඩාවක් කිරීම, ගෙවතු වගාවේ නිරත වීම.

• යථාර්ථවාදී වන්න:- වුවමනාවට වඩා සිතීම නිසා සුළු සුළු දේවල් වඩා විශාලව හා සෘණාත්මකව පෙනෙන්නට පටන් ගනී. ඒ වගේම ඔබට කිසිදාක කළ නොහැකි හෝ ලබාගත නොහැකි දේවල් ගැන සිතමින් ලත වන්න එපා. උදාහරණ:- අපට උපතින් ලැබුණු මුහුණ, ශරීර ප්‍රමාණය (උස හෝ කොට), කටහඬ අප කොතරම් උත්සාහ කලත් වෙනස් කල නොහැකි බව තේරුම් ගන්න.

• සර්ව සම්පූර්ණ කෙනෙකු වීමට හෝ පරිපූර්ණ දේ කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න:- අඩු පාඩු නැති සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකයේ කොහේවත් නැති අතර කිසිදාක සිටියේද නැති බව තේරුම් ගන්න. එමෙන්ම ඔබ යමක් කිරීමේදීත් ඒ දේ පරිපූර්ණව කිරීමට උත්සාහ කරන්න එපා. පරිපූර්ණ දේවල් ලෝකයේ සිදුවන්නේ නැත.

• නිකරුණේ බිය නොවන්න:- ඔබට අතීතයේදී අසාර්ථක වූ යමක් අනාගතයේදී ද කල නොහැකියැයි සිතා බිය වන්නට එපා. උදාහරණ:- ඔබ ගිය වතාවේ විභාගයෙන් අසමත් වුනත් නැවතත් එසේ විය හැකි යැයි සිතා බිය නොවී, අඩුපාඩු හදාගෙන නැවත විභාගයට පෙනී සිටින්න.

• කාලයට ඉඩ දෙන්න:- ඔබ හැරගිය පෙම්වතා හෝ අහිමි වූ රැකියා අවස්ථාව ගැන පසුතැවෙන්න එපා. කාලයට ඉඩ දෙන්න. කාලයත් සමඟම බොහෝ ප්රශ්න ඔබ නොසිතූ ආකාරයෙන් විසඳෙනු ඇත.

• ඔබට අනාගතය වෙනස් කිරීමට නොහැකිය:- වුවමනාවට වඩා සිතීම ආරම්භ වන එක් අවස්ථාවක් නම්, අප හැමදේම පාලනය කිරීමට උත්සාහ කිරීමයි. ඔබට අවශ්ය අන්දමට අනාගතය හෝ ලෝකය පාලනය කිරීමට නොහැකි බව තේරුම් ගන්න. ඔබ නොසිතූ දේ විය හැකිය. අනාගතය ගැන පසුතැවිලි වීම නතර කර, සිදුවන ඕනෑම් දෙයකට මුහුණ දීමට සූදානම් වන්න.

• ඔබ දැනටමත් හොඳයි:- ඔබට පාලනය කල නොහැකි ලෝකයක, ඔබ දැනටමත් කොතරම් හොඳින් ඔබේ කටයුතු සාර්ථකව සිදු කර ඇති දැයි සිතා බලා සතුටු වන්න.

• සුව නින්දක් ලබා ගන්න:- අප හැමෝටම සුව නින්දක් අත්යවශ්යයි. ඔබ යලිත් අවදිවන විට වඩා ධානාත්මක සිතිවිලි සමඟ ඔබේ කටයුතුවල නියැලීමට පුළුවනි. අඩු නින්ද වුවමනාවට වඩා සිතීමට, සිතෙහි අසහනකාරී, පීඩාකාරී හා සෘණාත්මක සිතිවිලි ඇති වීමට මඟ පාදයි.

• ව්යායාම් කරන්න:- ව්යායාම් කිරීමේදී මොළයට රුධිරය සැපයුම වැඩිවන අතර, වුවමනාවට වඩා සිතීම නිසා ඇතිවන ආතතියෙන් මිදිය හැකිය.

• ඔබේ සිතිවිලි වල හිමිකරු ඔබ බව තේරුම් ගන්න:- වුවමනාවට වඩා සිතන බව තේරුම් ගත් වහාම එය නවතා හොඳ දෙයක් කිරීම හෝ ධනාත්මක සිතිවිලි ඇති කර ගන්න. සිත පාලනය කර ගැනීමට පුරුදු වන්න.

References: https://hackspirit.com/how-to-stop-overthinking/
https://www.inc.com/amy-morin/10-signs-you-think-too-much-and-what-you-can-do-about-it.html

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines