Showing results for

තියුණු මනසක් පවත්වාගෙන යාමට උපදෙස්

Recent Posts

How to choose the right treadmill for your home gym: a buying guide for every budget

August 21, 2026

How much cardio do you actually need each week for a longer, healthier life

August 21, 2026

Sitting all day is quietly working against you. Here is what actually helps

July 27, 2026

Can walking on a treadmill really improve your cholesterol?

July 27, 2026

1.ඔබගේ මනස ක්‍රියාකාරීව තබා ගන්න

තියුණු මනසක් සහිතව සිටීමට ඔබේ මනස ක්‍රියාකාරීව තබා ගන්න. අභියෝගාත්මක මානසික ක්‍රියාකාරකම්වල යෙදී සිටින අයගේ මනස, එසේ නොකරන අයට සාපේක්ෂව වඩාත් තියුණුව පවතී. පහත දැක්වෙන ක්‍රියාකාරකම් කිරීමට උත්සාහ කරන්න.
1. පොතක් කියවන්න
2. දේශනයකට සවන් දෙන්න
3. ගුවන් විදුලියට සවන් දෙන්න
4. ක්‍රීඩාවක නිරත වන්න
5. කෞතුකාගාරයක් නැරඹීමට යන්න
6. අමතර භාෂාවක් ඉගෙන ගන්න

2. විවිධත්වයක් ඇති දේවල් කරන්න

ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්, ඔබේ මොළය නව ක්‍රමවේදයකට සිතීමට අභියෝග කරන, නියුරෝබික්ස් (neurobics) නම්, අභ්‍යාසයක් සොයාගෙන ඇත. ඔබේ පංචේන්ද්‍රියන් ඉගෙනීමට මූලික මාර්ගය වන බැවින්, ඔබේ මනසට අභ්‍යාස කරවීමට ඒවා ක්‍රියාකාරීව යොමු කරන්න. ඔබ දකුණු අත හුරු අයෙක් නම් වමත පාවිච්චි කරන්න උත්සාහ කරන්න. සේවා ස්ථානයට වාහනය පදවාගෙන යාමට හුරුපුරුදු මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් භාවිතා කරන්න. ඇස් වසාගෙන ආහාර වල රසයෙන් ආහාරය හඳුනාගත හැකි දැයි උත්සාහ කර බලන්න.

3. නිරතුරුවම ශාරීරික අභ්‍යාස වල නිරත වන්න

විශේෂයෙන් ඔබේ හෘද ස්පන්දනය වැඩි කරන පිහිනුම්, වේගයෙන් ඇවිදීම වැනි ශාරීරික අභ්‍යාස වලින් මොළයට ප්‍රතිලාභයක් සිදුවේ. ශාරීරික අභ්‍යාස මොළයට රුධිර සැපයුම වැඩි කර, අන්තර් සෛල සම්බන්ධතා වැඩි දියුණු කරන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ශරීරික අභ්‍යාස වල යෙදීමෙන් මතකය, පරිකල්පන හැකියාව හා සැලසුම් කිරීම වැනි ඔබගේ හැකියාවන් වර්ධනය වේ.

4. සමබල ආහාර වේලක් ලබාගන්න

ඔබේ මනස සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට නම්, ඔබේ හෘදය සහ ශරීරය සිහින්ව තබා ගැනීමට සුදුසු ආහාර තෝරා ගන්න. මැදි වයසේදී ඇති වන ස්ථුල භාවය, පසු කාලයකදී ඩිමෙන්ෂියා (dementia) රෝගයට ගොදුරුවීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩි කරනු ඇත. අධි රුධිර පීඩනය හා ඉහල කොලෙස්ටරෝල් මට්ටමක් තිබීමද ඩිමෙන්ෂියාවට ගොදුරු වීමට ඇති හැකියාව තවත් උග්‍ර කරනු ඇත. මෙම උපදෙස් පිළිපැදීමට උත්සාහ
කරන්න.

1. ආහාර තෙලෙන් බැඳීම වෙනුවට උඳුනක පුළුස්සා ගැනීම හෝ ග්‍රිල් (grill) කරගන්න
2. ආහාර පිසීමේදී බටර්, ක්‍රීම් සහ මාංශමය මේදය වෙනුවට, ඔලිව් සහ ඇට වර්ග වලින් ලබා ගන්නා සෞඛ්‍යාරක්ෂිත තෙල් වර්ග භාවිතා කරන්න
3. විවිධ වර්ණයන් ගෙන් යුතු එලවළු සහ පළතුරු ආහාරයට එකතු කර ගන්න
4. වැඩිපුර මාළු අනුභව කරන්න

5. මත්පැන් පානය අවම කරගන්න

වැඩිපුර මත්පැන් පානය, ඔබේ තීරණ ගැනීමේ හැකියාව, කථාව, චලනය සහ මතකයට අහිතකර බලපෑම් ඇති කරයි. මත්පැන් අධිකව පානය කිරීමෙන් දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටළුවලට හේතුවක් වනු ඇත. දීර්ඝකාලීන අධික මත්පැන් පානය මොළයේ ඉදිරිපස කොටස හැකිලීමට හේතු වේ. එම හානිය දිගුකාලීන වන අතර, පසු කාලයේදී ඔබ මත්පැන් භාවිතය අත් හැරියද එය ප්‍රතිඵලදායක නොවනු ඇත.

6. වීඩියෝ ක්‍රීඩා වල නිරත වීම

වීඩියෝ ක්‍රීඩා වලින් මොළයේ චලනය, මතකය, සැලසුම් කිරීම සහ චාලක හැකියාවන් පාලන කරන කොටස් උත්තේජනය කරන බව පර්යේෂණ කීපයකින්ම තහවුරු වී ඇත. සමහර විශේෂඥයන් පවසන පරිදි වීඩියෝ ක්‍රීඩා වලින් සිදුවන්නේ ඔබ වීඩියෝ ක්‍රීඩා පිළිබඳව දක්ෂයකු වීම පමණක් නොව, විවිධ හැකියාවන් වර්ධනය වීමද එමගින් සිදුවීමයි.

7. සංගීතයට සවන් දෙන්න

ජීවිතයේ මුල් අවදියේදී සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුහුණු වීමෙන් මහලු වියේදී නිරවුල්ව සිතීමට එය උපකාරී වනු ඇත. සංගීතය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන බව හෙලි වී තිබේ. එමෙන්ම එය දෑත් අතර සහසම්බන්ධතාවය ද වැඩි දියුණු කරයි. සංගීත භාණ්ඩයක් වාදනය කිරීම විනෝදාත්මක දෙයක් වන නිසා, ඔබට අද දින සිට වුවද එය ආරම්භ කළ හැක.

8. සමාජශීලී පුද්ගලයකු වන්න

කාර්යාලයේදී, ගෙදරදී හෝ සමාජ ශාලාවේදී අන් අය සමග කතා කිරීමෙන් ඔබගේ මොළයේ තියුණු බව වැඩි දියුණු කරයි. සමාජ ක්‍රියාකාරකම්, මනසේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාර වන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. එනිසා ස්වේච්ඡා කටයුතුවල නිරත වන්න. මිතුරු සමාජයකට සම්බන්ධ වන්න. හැකි සෑමවිටම දුරකථනයෙන් මිතුරකු හා සම්බන්ධ වන්න.

9. සන්සුන්ව සිටින්න

අධික ආතතිය ඔබේ මොළයේ තොරතුරු ගබඩා කරන හා දත්ත සැකසුම් කරන සෛලවලට අහිතකර බව හෙලිවී තිබේ. පහත උපදෙස් සන්සුන්ව සිටීමට උපකාරී වනු ඇත.

1. ගැඹුරු හුස්මක් ගන්න
2. ඔබට සිනහ උපදවන යමක් නරඹන්න
3. සංගීතයට සවන් දෙන්න
4. යෝග ව්‍යායාම හෝ භාවනා කරන්න
5. කා සමග හෝ කතා කරන්න

10. හොඳ නින්දක් ලබාගන්න

ඔබ යමක් අලුතින් ඉගෙන ගැනීමට පෙර සහ පසුව හොඳ නින්දක් ලබාගන්න. ඔබ වෙහෙසට පත් ව සිටින විට, අවධානය යොමු කිරීම අසීරු වේ. පසුව ඔබ නිදා ගනිද්දී ඔබේ මොළය තොරතුරු ගබඩා කරනු ලබයි. එවිට ඔබට පසුව එය මතකයට නගාගත හැකිය. දීර්ඝ රාත්‍රී නින්දක් ඔබේ මතකය සහ මනෝභාවයට හිතකර වේ. වැඩිහිටියන්ට දවසට පැය 7-8 අතර නින්දක් අවශ්‍ය වේ.

11. මතකය වර්ධනය කරගන්න

යම් යම් දේවල් අමතක වීම අප හැමෝටම සිදු වන දෙයකි. එහෙත් වයසට යන විට අමතක වීම් වැඩි වේ. එය වයස් ගත වීමේ ක්‍රියාවලියේම කොටසකි. ඔබට මතකය වර්ධනය කිරීමට උදවු විය හැකි කරුණු කීපයක් පහතින් දැක්වේ.

1. කරුණු ලියා තබාගන්න
2. ජංගම දුරකථනයේ රිමයින්ඩර් ඇප් එක භාවිත කරන්න
3. එක වරකදී එක කාර්යයක් පමණක් කරන්න
4. අළුත් යමක් ඉගෙන ගැනීමෙදී එය පියවරෙන් පියවර කරන්න

12. විවිධ පුද්ගලයන්ගේ නම් මතක තබා ගන්න

ඔබට විවිධ පුද්ගලයන්ගේ නම් අමතක වනවාද? එසේනම් ඔබ කතා කරන හැම විටම, එම පුද්ගලයාගේ නමින් අමතන්න. නැතහොත් විවිධ අයගේ නම් විනෝදාත්මක දේවල් සමඟ සම්බන්ධ කර මතක තබා ගැනීමට උත්සාහ කරන්න.

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines