Showing results for

නිර්මාණශීලීත්වය ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරයි

Recent Posts

Walking vs running on a treadmill: Which builds better cardio fitness for you?

August 31, 2026

How to choose the right treadmill for your home gym: a buying guide for every budget

August 21, 2026

How much cardio do you actually need each week for a longer, healthier life

August 21, 2026

Sitting all day is quietly working against you. Here is what actually helps

July 27, 2026

ලෝකය නව හා විවිධාකාරයෙන් වටහා ගැනීමට නිර්මාණශීලීත්වය අපට උපකාරී වේ. එය අපට අලංකාර දේ නිර්මාණය කිරීමට, ගැටළු විසඳීමට සහ අපගේ ශරීරය සහ මනස ප්‍රබෝධමත් කිරීමටත් උපකාරී වේ. එය විනෝදාත්මක ක්‍රියාවක් වන අතර ඔබ විනෝද වන විට, එය ඔබේ සෞඛ්‍යය ධනාත්මක ලෙස බලපෑම් කරයි.

කලාත්මක හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුළින් අදහස් ප්‍රකාශ කිරීම ඔබේ මානසික සෞඛ්‍යය සඳහා බෙහෙත් වට්ටෝරුවක් වැනිය. නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වෙත  යොමුවීම, ආතතිය (stress ) සහ කාංසාව (anxiety) යන දෙකම සමනය කිරීම සඳහා උදව් වන බව දීර්ඝ හා පුළුල් පර්යේෂණ තුළින් ඔප්පු වී ඇත. එමෙන්ම නිර්මාණශීලීත්වය කම්පන සහගත අත්දැකීම් වලට මුහුණ දුන් අයගේ ලැජ්ජාව, කෝපය සහ මානසික අවපීඩනය අඩු කිරීමට උපකාරී වේ.

ඇමරිකාවේ වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇති පශ්චාත් කම්පන ආතතිමය ආබාධයෙන් (PTSD) පෙලෙන සොල්දාදුවන් සඳහා කලා චිකිත්සක ප්‍රතිකාර වැඩසටහනක් ඇත. යුධ බිමේ ප්‍රවීණයන් හට (Veterans) බොහෝ විට මුහුණදුන් කම්පනය වාචිකව ප්‍රකාශ කිරීමට අපහසු වේ. කලා චිකිත්සක වැඩසටහන් කළමණාකරු, ආචාර්ය Tammy Shella සඳහන් කරන ආකාරයට කලා චිකිත්සාව තුළින් රෝගීන්ට තමන්ගේ ඇතුලාන්තය ගැන හැඟෙන ආකාරය ප්‍රකාශ කළ හැකි අතර ලෝකය සමඟ බෙදා ගැනීමට අපහසු අත්දැකීම් එමගින් ප්‍රකාශ කළ හැකිය.”

ඔබේ නිර්මාණාත්මක බව වැඩි දියුණු කර ගන්නේ කෙසේද?

අප නිර්භීත හා නව අදහස් ඉදිරිපත් කරන කලා කරුවන් හෝ නව නිපැයුම්කරුවන් ලෙස පුහුණු වූ අය නොවේ යයි අපට හැඟෙනවා විය හැකියි. කෙසේ වෙතත්, නව නිපැයුම් කරුවන්ගේ ප්‍රධාන ලක්ෂණයන් වන ශක්තිය, බුද්ධිය සහ විනය ඇතුළත් වන අතර ඒවා අප සෑම කෙනෙකු තුළම විවිධ ප්‍රමාණ වලින් ඇත.

අපි වෘත්තියෙන් කලාකරුවන් හෝ නව නිපැයුම් කරුවන් නොවිය හැකි නමුත්, අප සෑම කෙනෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති අතර විවිධ දේවල් දෙස විකල්පව හෝ වෙනත් කෝණයකින් බැලීමට හැකිය.

ගායනය, නැටුම්, චිත්‍ර ඇඳීම හෝ පින්තාරු කිරීම වැනි නිර්මාණාත්මක ක්‍රියාවක නිරත වීමෙන් පූර්ණ ශාරීරික ප්‍රතිලාභ ලැබේ. අභියෝගාත්මක හෝ විනෝදජනක දෙයක් කෙරෙහි අපි අවධානය යොමු කරන විට, අපේ මොළය තුල සම්බන්ධතාවයන් වැඩි කරමින් නව ස්නායු මාර්ග (neuropathways) සෑදෙයි.

මොළයේ වම් ඉදිරිපස බාහිකයේ සම්බන්ධතාවයන් වැඩිවීමෙන්, භාවනා කිරීමේදී සිදු වන දෙයට සමාන වන ආකාරයට අපව චිත්තවේගීයව වඩාත් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති අය බවට පත් කරවයි”

චිත්‍ර ඇඳීම සහ පින්තාරු කිරීම 

චිත්‍ර ඇඳීම සහ පින්තාරු කිරීම වැනි ක්‍රියාකාරකම් වලින් මානසික ආතතිය සහ මානසික අවපීඩනය සමනය කළ හැකි බව පර්යේෂණ වලින් පෙන්නුම් කරයි. කලාත්මක ක්‍රියාකාරකම්වල නිරත වීම තුලින් වැඩිහිටියන්ගේ මතකය සහ මානසික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු වීම හා ලෝකය සමඟ නැවත සම්බන්ධ වීම සඳහා අවස්ථාවක් උදා වී ඇත. කලාව සරලව අගය කරනවාට වඩා සක්‍රියව කලාවට යොමු වීම තුළින් සංජානන පරිහානිය (cognitive decline) වළක්වන බව පෙනී ගොස් ඇත. 

ගීත ගායනා කිරීම හෝ සංගීත භාණ්ඩ වාදනය කිරීම 

ගායනය ආධුනික හා වෘත්තීයමය ගායකයින්ගේ මොළයේ ඔක්සිටොසින් (oxytocin) මට්ටම ඉහළ නංවයි. ඔබට ගායනය කෙරෙහි ඇල්මක් නැත්නම්, සංගීතයට සවන් දීමට ඔබ කැමතිද? සරලව සංගීතයට සවන් දීමෙන් ඔක්සිටොසින් නිදහස් වේ. සංගීතය ඔක්සිටොසින් මට්ටම් කෙරෙහි සෘජුවම බලපාන අතර ඔක්සිටොසින් අපගේ විශ්වාසය හා අන්‍යයන් සමඟ සමාජ සහසම්බන්ධතාවයන් ඇතිකර ගැනීමේ හැකියාව කෙරෙහි බලපායි.

නර්තනය 

නැටීම විනෝදයක් පමණක් නොව සංගීතය සමඟ නැටීම ඔබට ඇත්තෙන්ම වඩාත් හොඳයි. අධ්‍යයන වලින් හෙළි වී ඇත්තේ නර්තනය, සාංකාව (anxiety) දුරු කරන බවත්, පියයුරු පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කරන බවත්, වැඩිහිටි පුද්ගලයින් ඩිමෙන්ශියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු කරන බවත් .

ක්‍රීඩා කිරීම 

සෙල්ලම් කිරීම හෝ කතන්දර කීම සරල ක්‍රියාවක් ලෙස පෙනෙන්නට තිබුණත්, මානසික සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන අතර ඒවා දිගු කල් පවතිනු ඇත.

පෙරී අධ්යාපනික ව්‍යාපෘති උපදේශනයේ විධායක අධ්‍යක්ෂිකා ජෙනිෆර් . පෙරී පෙන්වා දෙන්නේ ක්‍රීඩා සහ නිර්මාණාත්මක කටයුතු වල දිගු කාලීන ප්‍රතිලාභ පිළිබඳව .

ඇය පවසන ආකාරයට, “පරිකල්පන ගවේෂණය සහ නිර්මාණශීලීත්වය, කලාව, කතන්දර කීම, අන්තර් ක්‍රියාකාරී ක්‍රීඩා, සංගීතය සහ සියලු වර්ගවල ක්‍රීඩා කිරීම තුළින් ළමයින් ජීවිත කාලය පුරාම කුසලතා ඉගෙන ගනී. එමෙන්ම තම අදහස් ප්‍රකාශ කිරීමට, අන් අය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට, ගැටලු විසඳීමට, ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට, විවිධ අදහස් හා සංස්කෘතීන් අගය කිරීමට, අමතරව ඔවුන් තමන්ට තෘප්තියක් සහ සතුටක් දැනෙන දේ සොයා ගනී. 

ක්‍රීඩාව යනු ළමුන් සඳහා වන දෙයක් පමණක් නොවේ. එය වැඩිහිටියන් සඳහා ප්‍රයෝජනවත් වේ.

සොබාදහම සහ පරිසරය සමඟ එක් වන්න 

පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ සොබාදහම නිර්මාණශීලීත්වයට බලපාන බවයි. දින හතරක් සොබාදහම සමඟ එක්ව සියළු තාක්ෂණික උපාංග වලින් ඈත්ව කාලය ගතකල කඳු නගින්නන් කණ්ඩායමක්, තම නිර්මාණශීලිත්වය සහ ගැටලු විසඳීමේ හැකියාවන් 50% කින් වර්ධනය කර ගත් බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

එමනිසා, ඔබ ගැටළු වලින් අසරණ වූ විට පරිගණකය වෙත නොයන්න. උද්‍යානයක් තුළ ඇවිදයාම හෝ කඳුකර පරිසරයක ඇවිදීමේදී ගැටළුවලට විසඳුම් සෙවීමට හා විකල්ප විසඳුම් ගැන නිර්මාණාත්මකව සිතීමට හැකිවනු ඇත.

මූලාශ්‍රය: https://www.verywellmind.com/how-creativity-positively-impacts-your-health-5113162

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines