Showing results for

පළතුරු වල හොඳම කොටසයි, අපි නොකා විසිකරන්නේ

Recent Posts

The 20-minute mum workout: No gym, no excuses, no guilt

May 8, 2026

Why every woman should start strength training, and why it won't make you bulky

May 8, 2026

The walking workout women are obsessing over in 2026 (and it takes 12 minutes)

May 8, 2026

How to stay fit when you work 7 to 7: A realistic guide for Sri Lankan professionals

April 6, 2026

පළතුරු කන්න කවුද, අකැමැති නේද?. ඒත් අපි පළතුරු කෑවට පෝෂණ ගුණයෙන් යුක්ත කොටස් , හිතාමතාම හෝ නොදැනුවත්වම විසි කරලා දානවා.

ඒකෙන් වෙන්නේ, අපේ ශරිරයට ලැබෙන්න තිබුනු පෝෂණය නොලැබී යාමයි. ඒ නිසා අද ලිපියෙන් කථා කරන්න හිතුවා , අපි නිතර කෑමට ගන්නා පලතුරුවලින්, කෑමට නොගෙන ඉවත දමන, එහෙත් පෝෂණ ගුණයෙන් ඉහළ කොටස් පිළිබඳව.

ඇපල් පොත්ත

දැන්, ඇපල් ගැන නම් සමාජයේ තියෙන්නේ ඒ තරම් හොඳ මතයක් නෙමෙයි. හේතුව ගොඩක් අය ඇපල් මිලදි ගත්තත් පොත්ත කන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි, ඇපල් පොත්තේ දුවිලි සහ කල් තබා ගැනිමේ රසායන ද්‍රවය ඇතැයි සමාජයේ පවතින විවිධ මතවාදයන් නිසා. ඒ නිසා ඇපල් කන අය මුලින්ම කරන්නේ පොත්ත ඉවත් කරන එකයි.

ඒත් අපි නොදන්නවා උනාට ඇපල් පොත්තේ අඩංගු වන ක්යරසෙටින් නමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය නිසා, පෙනහලු සහ මොළයට ප්‍රතිලාභ රැසක් අත්කර ගන්න  පුළුවන් .  ඇපල් පොත්තේ, මදයට වඩා කෙදි සහ විටමින්වලින් බෙහෙවින් ම වැඩියි.  මේ නිසා, ඇපල් පොත්ත ඉතාමත් ගුණදායකයි. ඇපල් කනවිට කවදාවත් පොත්ත ඉවත් කිරීම නුසුදුසු බව පැවසෙන්නේ මේ නිසා ය. ඒ නිසා, ඇපල් පොත්තේ ඇති ගුණ ලැබ ගන්න, ගෙඩිය හොඳින් සෝදා කෑමට පුරුදු වෙන්න.

දොඩම් ලෙල්ල

දොඩම් කියන්නේ විටමින් සී සහිත ආහාරයකි. ඒත්, දොඩම් ලෙල්ල සතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවාද? දොඩම් ලෙල්ලට , රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇත. මේ හැකියාව කොලෙස්ටරෝල්වලට ලබා ගන්නා සමහර ඖෂධවලටත් වඩා ප්‍රභල ය.

ඒ විතරක් නොව, හදවත් රෝගවලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව ද එය සතුව තිබේ. දොඩම්වලට පමණක් නොව, දොඩම් පවුලේ අනෙක් පලතුරුවල ද මේ හැකියාව පවතී. එහෙත්, දොඩම් ලෙල්ල පිටින්ම ආහාරයට ගත නොහැකි ය. ඒ නිසා, දොඩම් ලෙල්ල කුඩා කැබැලිවලට කුඩු කර,ආහාරවලට එකතු කර ගත හැකි ය.

පැණි කොමඩු පොත්තේ සිවිය

පැණි කොමඩුවල අපි හැම විටම ආහාරයට ගන්නේ රතුපාට මාංශල කොටස පමණි. එහෙත්, පොත්ත සමඟ ඉවත් කරන සුදු පැහැති කොටස අපි ආහාරයට නොගන්නෙමු. ඒත්, මේ සුදුපාට කොටසේ එල් සට්‍රලයින් නමැති ඇමයිනෝ අම්ලය අන්තර්ගත නිසා, ඒ මඟින් ශරීරයේ ක්‍රියාශීලී බව වැඩි කරන අතර, මාංශ පේශීවල වේදනාව දුරු කිරීමේ හැකියව ද ඇත.

ඒ විතරක් නොව, රුධිරයේ නයිට්‍රජන් ඉවත් කිරීමේ හැකියාව ද කොමඩු පොත්ත සතුව ඇත. මීට පසු කොමඩු ආහාරයට ගන්නා විට, පොත්ත රැහැලා ඉවත් කර, සුදු පාට කොටසත් සමඟම ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය.

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines