Showing results for

ජංගම දුරකථනයෙන් ඔබේ සෞඛ්‍යයට එල්ල විය හැකි අහිතකර ප්‍රතිවිපාක

Recent Posts

Building a home gym in Sri Lanka: Essentials every woman needs

March 1, 2026

Strong, busy, unstoppable Simple home workouts for women with packed schedules

March 1, 2026

Movement for confidence How strength training empowers women

March 1, 2026

What is the best workout routine for couples with long work hours?

February 8, 2026

ඔබ අවසාන වතාවට ජංගම දුරකථනය පිරිසිදු කළේ කවදාද? නිතරම අතේ තිබෙන, සමහරවිට වැසිකිලිය තුළදී පවා භාවිතා කරන එය බැක්ටීරියා, වෛරස් හෝ වෙනත් විෂබීජ ආකරයක් විය හැකිය. එබැවින් නිතරම දුරකථනය පිරිසිදුව තබා ගන්න.

පහතට නැඹුරු වී ජංගම දුරකථනය දෙස බලාගෙන සිටීමෙන් ඔබේ බෙල්ලේ මාංශ පේශීන් ඇදීමට ලක් වීමෙන් ඇතිවන වේදනාව බෙල්ලේ සිට උරහිස හා අතේ උඩ බාහුව දක්වාම පැතිර යා හැකිය. කෙටි පණිවිඩ යැවීමේදී  දුරකථනය ඇසට පහසුවන ආකාරයට මඳක් ඉහළින් තබාගන්න.

වෙන වැඩක නිරත වෙමින්, ඔබේ උරහිස සහ කන අතර දුරකථනය තබාගෙන කතා කිරීමෙන් උරහිසේ හා බෙල්ලේ වේදනාව ඇතිවිය හැකිය. ඔබට එය වළක්වා ගත නොහැකි නම් දුරකථනය විටින් විට බෙල්ලේ අනෙක් පැත්තට  මාරු කරමින් භාවිතා කරන්න.

ඔබ වාහනයක් පැයට කි.මි. 55 ක වේගයකින් පදවාගෙන යමින් සිටියදී, කෙටි පණිවිඩයක් යැවීමට තප්පර 5 ක් වැය කරන අතරතුර ඔබේ වාහනය, ඔබ නොදැනුවත්වම මීටර් 100 කට වඩා දුර ගමන් කර තිබිය හැක. එවිට එය බිහිසුණු අනතුරකින් කෙළවර විය හැකිය.

දුරකථනයෙන් කතා කරමින් රිය පදවන විට ඔබ අනතුරකට ලක් වීමේ හැකියාව, එසේ නොකර රිය පදවනවාට වඩා  සිව් ගුණයකින් වැඩිවිය හැකිය. ඔබ මෙන්ම පාරේ යන අන් අයටද, ඔබ අතින් අනතුරක් විය හැකිය. එම නිසා ඇමතුම අත්‍යවශ්‍ය එකක් නම් වාහනය නතර කර කතා කරන්න.

හිරු බැසීමෙන් පසු ඕනෑවට වඩා ආලෝකයට නිරාවරණය වීමෙන් දියවැඩියාව, තරබාරුකම, හෘද රෝග හා වෙනත් සෞඛ්‍යය ගැටළු වලට ලක් කරන අතර නින්දටද බාධා කරයි. ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන්  නිකුත් කරන “නිල්පාට ආලෝකය” සෞඛ්‍යයට අහිතකර නිසා නින්දට යන විට දුරකථන භාවිතයෙන් වළකින්න.

පඩි පෙළක් දිගේ පහළට බසිමින් හෝ රේල් පාරේ ඇවිදිමින් දුරකථනයෙන් කතා කිරීම හා කෙටි පණිවිඩ යැවීම නිසා වැටීම්, තැලීම්, බරපතළ තුවාල වීමට අමතරව මරණය පවා සිදුවිය හැකිය.

දුරකථන වලින් නිකුත් වන විකිරණ සහ පිළිකා අතර සම්බන්ධයක් තිබේදැයි තවම පර්යේෂණවලින් ඔප්පු වී නැතත්, කතා කරන විට ස්පීකර් මෝඩ් හෝ හෙඩ් සෙට් එකක් භාවිතා කිරීම සෞඛ්‍යයට හිත කරයි.

දිගින් දිගටම කෙටි පණිවිඩ යැවීමෙන් හා දිගු වේලාවක් දුරකථනය අල්ලාගෙන සිටීමෙන් මහපට ඇඟිල්ලේ මස් පිඬු තද වීම හා එය නැවීමට අපහසු වන ආතරයිටිස් (thumb arthritis) වලට ගොදුරු විය හැකිය.

හෘදරෝගීන්ගේ සිරුර තුළ සවි කරන pacemakers  සහ implantable defibrillators  වැනි වෛද්‍ය උපාංගවල ක්‍රියාකාරිත්වයට, ජංගම දුරකථන අහිතකර බලපෑම් කිරීමේ හැකියාවෙන් යුක්ත නිසා, ඔබ ඒවා පැළඳ සිටී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.   

ජංගම දුරකථන වලින් නිකුත් වන, නිල් ආලෝකයේ කෙටි තරංග ඔබේ ඇස් විඩාවට පත්කරන අතර සමහරවිට ඇසේ කණීනිකාවටද හානිකර විය හැකි බැවින් ඔබේ ඇස් පෙනීම අඩාල විය හැකිය.ඔබ මෙම ගැටළුවලට ලක් වුවහොත් ඩිජිටල් තිර සහිත ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක භාවිතය සීමා කිරීම හෝ ඔබගේ ඇස් විවේක ගැන්වීම සඳහා නිතරම විරාමයක් ලබා ගන්න.    

Source: https://www.webmd.com/balance/ss/slideshow-smart-phone-health-problems

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines